Quantcast
Channel: Malinda Words
Viewing all articles
Browse latest Browse all 2513

ඕල් එක්ස්ට්‍රිමිස්ට්ස් නෝන්ඩි ඕකේ?

$
0
0

බයි ද වේ...බොදු ජන පෙරමුණේ පෆෝමන්ස් එක 'බෞද්ධ අන්තවාදයේ'පරාජයක් ලෙස දකින (ඇත්තෙන්ම බෞද්ධන්ගේ පරාජයක් ලෙස දකින්න කැමති) අය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ, එක්සත් සමාජවාදී පක්ෂයේ, නව සමසමාජ පක්ෂයේ, සමාජවාදී සමානාත්මතා පක්ෂයේ, ලිබරල් පක්ෂයේ සහ පෙරටුගාමී පක්ෂයේ පෆොමන්ස(ර්)ස් කියවන්නේ කෙසේද? බහු-ජාතික-බහු-ආගමික මතවාදයේ එක්ස්ට්‍රීමිස්ට්ලා ගේ පරාජයක් ද? 
පහසුව සඳහා මෙන්න ෆැක්ට්ස් (ලබාගත් ඡන්ද): 
බොදු ජන පෙරමුණ                             20,377     (0.174399233284%) 
පෙරටුගාමී සමාජවාදී පක්ෂය             7,349     (0.062897382608%)
එක්සත් සමාජවාදී පක්ෂය                  1,895     (0.016218606619%)
නව සමසමාජ පක්ෂය                             644     (0.005511758661%)
සමාජවාදී සමානාත්මතා පක්ෂය           321    (0.002747320699%)
ලිබරල් පක්ෂය                                         118      (0.001009918512%)
පෙරටුගාමී පක්ෂය                                    49      (0.000419372942%)
ඕල් එක්ස්ට්‍රිමිස්ට්ස් නෝන්ඩි (ෆ්‍රොම් බුඩිස්ට් එක්ස්ට්‍රිමිස්ට්ස් ටු බහු-ජාතික-බහු-ආගමික එක්ස්ට්‍රිමිස්ට්ස්) ඕකේ?

තමාට වුන ආපදාව හමුවේ නිරුත්තර වූ අනුර ප්‍රියදර්ශන යාපා රටට සිදුවන ආපදාවන් හමුවේ උසාවියේ පිළිසරණ පතයි කියල හිතෙනවා....අනේ ඔහුගේ ධූර කාලයේ ගං වතුරක්, ඉඩෝරයක්, සුනාමියක්, සුළි සුළඟක් ඇති නොවේවා දෙයියනේ!

අවන්ට් ගාඩ් නීතිඥ දැන් නීතිය හා සාමය බාර ඇමති. මහා බැංකුව කොල්ල කෑ එකාගේ ගජ මිතුරා මුදල් ඇමති. වේ ටු ගෝ රනිල්....වේ ටු ගෝ යහපාලනය!

මෛත්‍රී ගේ කට් අවුට් අවුට්....රනිල් ගේ කට් අවුට් නොට් අවුට්. හව්-ඉස්-දැට්?

ඒ කාලේ අනුර කුමාරගේ පොර ටෝක්: අපේ ජාතික ලැයිස්තුව තමයි ජාතික ලැයිස්තුව! දැන් දැන් අනුර කියන්නේ 'ජාතික ලැයිස්තුව? ඒ මක්කැයි සුනිල්? අපි නම් අහල වත් නැහැ, නේද බිමල්?

මංගල මෙගාපොලිස් මෙහෙයුම: තිලක් මාරපන සහ ගාමිණි ජයවික්‍රම පෙරේරා ඇමති වරුන් විජිතමුණි සොයිසා පසුපස යෑම.

මැතිවරණ සහ පශ්චාත් මැතිවරණ සමයේ  තවත් රස කතා:

මෛත්‍රී ගේ සිනහවේ යටිපෙළ සහ පශ්චාත් මැතිවරණ සමයේ වෙනත් රස කතා 3

පශ්චාත් මැතිවරණ රස කතා 2

පශ්චාත් මැතිවරණ රස කතා 1

කැකිරිලන්තයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට නොමිලේ පුටු 138ක්


"උමතුවේ සම්මුතිය"ජනගත කෙරේ



Viewing all articles
Browse latest Browse all 2513

Trending Articles