Quantcast
Channel: Malinda Words
Viewing all articles
Browse latest Browse all 2513

දේශපාලනයේ අඩෝ-මචං න්‍යාය

$
0
0
දේශපාලනයේ අඩෝ-මචං න්‍යාය: රන්ජන් රාමනායක ඉස්සර ලන්සා ට කිව්වේ 'අඩෝ!'කියල. දැන් කියන්නේ 'මචං'කියල.

වෛරය, ඊර්ෂ්‍යාව, මානය ට වඩා ඝනකම් ය කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව සහ මුදිතා ගුණය. දේශපාලනයේදී නම් කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව සහ මුදිතා ගුණය චා වඩා ඝනකම් ය වෛරය, ඊර්ෂ්‍යාව සහ මානය.

ලාවට මතකයි මෛත්‍රිපාලවාදීන් මේ වගේ වචන වගයක් තෙපලනවා....'රටකට ඕනෑ අපමණ අගයක්'. මගේ ප්‍රශ්න: ලන්සා ගේ අගය කීයද? ලන්සා රටට ඕනද?

අද ලන්සා සහ අරුන්දික. හෙට එස් බී සහ සුසිල්. අනිද්දා මෛත්‍රී සහ රනිල්. නරකද පාක්ෂිකයනුත් ස්වකැමැත්තෙන් පක්ෂ හුවමාරු කරගත්තොත්?

පශ්චාත් මැතිවරණ ශ්‍රී ලංකාව: අලුත් රටක් පරණ ලෙඩක්.

කොලපාට සමාජයේ මහා ලේකම් ලෙස රනිල්ගේද නිල්පාට සමාජයේ ලොක්කා ගේ ව්‍යවස්ථා සභා නියෝජිත ලෙස මෛත්‍රීගේ ද දකුණු අත වන චම්පික රණවක අමුතු ම දේශපාලන සත්ත්වයෙකි.

රටකට අවශ්‍ය අපමණ අගය ලන්සා, එස් බී, විජිතමුණි, තිලංග, හිස්බුල්ලා යන අයගෙන් අහගන්න.

රටකට අවශ්‍ය මෛත්‍රී යුගය වෛරය විසින් මෙහෙය වෙන අයගෙන් නම් බලාපොරොත්තු නොවන්න.




මැතිවරණ සහ පශ්චාත් මැතිවරණ සමයේ  තවත් රස කතා:

මෛත්‍රී ගේ සිනහවේ යටිපෙළ සහ පශ්චාත් මැතිවරණ සමයේ වෙනත් රස කතා 3

පශ්චාත් මැතිවරණ රස කතා 2

පශ්චාත් මැතිවරණ රස කතා 1

කැකිරිලන්තයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට නොමිලේ පුටු 138ක්


"උමතුවේ සම්මුතිය"ජනගත කෙරේ



Viewing all articles
Browse latest Browse all 2513

Trending Articles