Quantcast
Channel: Malinda Words
Viewing all articles
Browse latest Browse all 2513

රියල් මහින්ද රජයක් වෙනුවට ෆේක් මහින්ද රජයක්

$
0
0
The Three Musketeers හෙවත් මස්-කැටියෝ ත්‍රිත්වය
[පශ්චාත් මැතිවරණ රස කතා]

ප්‍රජාතන්ත්‍රවාදය [නව නිර්වචනය]: ලක්ෂ 120 ක ජනතාවක් අවතැන් කරන ක්‍රියාවලියක් [උදා: සිරියාව]

එකම ඇමති කෙනෙක් වත් අදාළ නිලධාරියෙක් වත් මේ 'සීපා'ගැන දන්නේ නැහැ. මහින්දගේ කාලෙත් එහෙමයි. දැනුත් එහෙමයි.

'කෝ කේ.පී. ගේ සල්ලි'කියල අහන ජවිපෙ මල්ලි, කියපන් හංගපු තැන් ගත්තු කප්පම් සල්ලි ඒ කාලේ.

ඩිෆෙන්ඩර් රථයක් සැලසුම් සහගතව බස් රථ දෙකකට මැදි කොට චප්ප කරපු නරුම රියදුරු දෙදෙනා උසාවියේ ම එල්ලලා මරන්නේ නැතුව ඇප මත මුදා හැරීම හෙලා දකිමු.

රනිල්ගේ යාලුවෝ බැඳුම්කර නිකුතුව හරහා ගහපු ගේම විභාග කරන්න රනිල් පත්කරපු රනිල්ගේ යාලුවන්ගෙන් සමන්විත කමිටුවේ නිර්දේශ රනිල්ට අමතක වුනාද මන්ද.

රටේ අභාග්‍යය: රියල් මහින්ද රජයක් වෙනුවට ෆේක් මහින්ද රජයක් [ෆේක් මහින්ද සමානයි මෛත්‍රී-රනිල්-චන්ද්‍රිකා හවුල] 

ශ්‍රීලංනිපයේ හොරෙක් හෝ මිනීමරුවෙක් නොවන එකම කෙනා මෛත්‍රී ලු. මෛත්‍රිය නිසාමද හොරු සහ මිනීමරුවන් ට ඇමති, උප ඇමති, රාජ්‍ය ඇමති පට්ටම් දුන්නේ?

"ආර්ථිකය කේන්ද්‍ර කරගත් විදේශ ප්‍රතිපත්තියක්" -- නි විදේශ ඇමති. මගේ ප්‍රශ්නය: කවද්ද හර්ෂා චීනය ට යන්නේ?

සංහිඳියා විෂය වෛරයෙන් සහ ද්වේශයෙන් සැදුම්ලත් මෝඩ හෙරකට භාර දී ඇත. මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ සංහිඳියා-උවමනාව දැන් පැහැදිලිය.

ඇමති මණ්ඩලය කේස්. අඩු තරමින් ව්‍යවස්ථා සභාවෙන් වත් ගොඩ යන්න තිබබා. ඒත් ඉතින් එකේ රස්සාවක් වෙනුවෙන් බොරු කියන්නත්, 'මට අමතකයි'ලෙඩේ හදාගන්නත්, මානව හිමිකම් අලෙවි කිරීම ජීවිකාව වුනත් එම වාර්තා ම යට ගහන්නත් සූදානම් රාධිකා කුමාරස්වාමි ව නම් කරලා.....අනේ මන්දා!

රාජ්‍ය නොවන සංවිධාන වල (අ)මනාප: රතුපස්වල වතුර වහ වේ -- කැළණි ගඟේ ඩීසල් මුසු කොකා කෝලා රහ වේ.

කොලපාට සමාජයේ මහා ලේකම් ලෙස රනිල්ගේද නිල්පාට සමාජයේ ලොක්කා ගේ ව්‍යවස්ථා සභා නියෝජිත ලෙස මෛත්‍රීගේ ද දකුණු අත වන චම්පික රණවක අමුතු ම දේශපාලන සත්ත්වයෙකි.


මැතිවරණ සහ පශ්චාත් මැතිවරණ සමයේ  තවත් රස කතා:

මෛත්‍රී ගේ සිනහවේ යටිපෙළ සහ පශ්චාත් මැතිවරණ සමයේ වෙනත් රස කතා 3

පශ්චාත් මැතිවරණ රස කතා 2

පශ්චාත් මැතිවරණ රස කතා 1

කැකිරිලන්තයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට නොමිලේ පුටු 138ක්


"උමතුවේ සම්මුතිය"ජනගත කෙරේ




Viewing all articles
Browse latest Browse all 2513

Trending Articles