Quantcast
Channel: Malinda Words
Viewing all articles
Browse latest Browse all 2513

ආණ්ඩුව ආදරයට සහ අනාදරයට පින් දෙයි

$
0
0
"කැකිරිලන්තයේ මීළඟ පුවත්"ශීර්ෂය යටතේ මූණු පොතේ විටින් විට පළ කරන ලද 'ප්‍රවෘති'එකතුවකි

Pic: independent.lk
ආණ්ඩුව ආදරයට සහ අනාදරයට පින් දෙයි 
'ආදරයට ' (නිදහස් චතුරශ්‍රයේ) සහ 'අනාදරයට' ( කුලියාපිටියේ) පිං සිද්ද වෙන්න රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න බලු-පාලන ආණ්ඩුව අසමත් වී ඇති බව (මහා දවල් දරුණු මිනීමැරුම් පෙළක්) හැමෝටම අමතක විය.

නිදහස් චතුරශ්‍රයේ හර්ෂා ගේ ටියුෂන් පන්තිය 
හර්ෂ ද සිල්වා ආරක්ෂක නිලධාරියා ට ටියුෂන් දෙද්දී හර්ෂ වටේට බොහෝ දෙනෙක් හිටියා. පොකට් මීටින් එකක් වගේ. කාරණයට මහන්සි වී පෝස්ටර් ඇඳගෙන පිළිවෙලකට, නිහඬව විරෝධය ප්‍රකාශ කරමින් සිටි අය හර්ෂාව සුපර් මෑන් කරන්න සම්මාදම් වුනේ නැහැ.

නිදහස් චතුරශ්‍රයේ අද හවස මොන මොන ජයග්‍රහණ අත්පත් කර ගත්තට හර්ෂ සිල්වා හර්ෂ සිලවා සුපර් මෑන්ට ඇන්දෙව්ව බව ලක්ෂිකා ශ්‍රීමාලි අධිකාරි සඳහන් කර ඇත.


නිදහස් චතුරශ්‍රයේ ආරක්ෂක නිලධාරීන් පාර්ලිමේන්තුවට!
හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමතිතුමාගේ එඩිතර සහ ක්ෂණික මැදිහත් වීමෙන් අපහසුතාවයට පත් ආරක්ෂක නිලධාරීන් 'වෙනත් සුදුසුසුකම් ඇත්නම් වයස නොතකා'ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට යවන්නැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ශ්‍රීලංනිපයේ සහ අජාපයේ නායකයින් වෙත දැනුම් දී ඇත.


අඛිල විරාජ් සහ ලක්ෂ්මන් කිරිඇල්ලේ මහින්ද ගේ දෙන්නෙක් ලු!
බලුපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් දෙදෙනෙක් වුවද අඛිල විරාජ් සහ ලක්ෂ්මන් කිරිඇල්ලේ වනාහි මෛත්‍රී-රනිල් හවුල් ('ජාතික'නොවන) ආණ්ඩුව අපකීර්තියට පත් කිරීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ උපදෙස් මත කටයුතු කරන දෙදෙනෙකු බව හෙළිවී ඇත.

කුලියාපිටිය සහ ශ්‍රී ලංකාව ස්ථානගත වේ
"අප විසින් තේරුම් ගත යුතු ඛේදනීය ඇත්ත වන්නේ ලංකාව තුල කුලියාපිටිය පවතිනවා නොව කුලියාපිටිය තුල ලංකාව පවතින බව"යැයි  ප‍්‍රදීප් දිසානායක සියලු දෙනාට මතක් කර සිටී.


නාමල්ටත් අමතක වේ 
"අද රටේ ජනතාවට කෙසේ වෙතත් පාතාලයට නම් සැබෑ නිදහස හිමි වෙලා තියෙනවා"යැයි නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටී.  නාමල් ට "යලිත්"කියන වචනය එකතු කරන්න අමතක වුනා වගේ.

Viewing all articles
Browse latest Browse all 2513

Trending Articles