Quantcast
Channel: Malinda Words
Viewing all articles
Browse latest Browse all 2513

මහින්දගේ පරාජයේ කතාව (කෙටුම්පත)

$
0
0
ජයග‍්‍රහණයේ කතාවන් දීර්ඝය. පරාජයේ ප‍්‍රකාශයන් ද දීර්ඝය. එය සාමාන්‍යයෙන් උද්වේගකර සහ අනෙකාට ඇඟිලි දිගු කරනා කියමන්වලින් ද සපිරිය. එය තමන්ට උදව් කළ සැමට ස්තුති කිරීම්වලින් ද සපිරිය. එකී කතාව තුළ පපුවට අත් ගසා ගන්නා උද්වේගකර කොටස් තිබුනාට කම් නැත. තම පරාජයට බලපෑ හේතුකාරණා ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වුව ද එය එසේය. එමගින් තමා පරාජයට පත් වුව ද, තම කණ්ඩායමේ චිත්ත ධෛර්යය නොබිඳුවා තබා ගත හැකිය. නමුදු එවැනි කතාවන්ට ඇතුළත් නොවන දේ ද බොහෝ ඇත. යම් හෙයකින් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වුවහොත්, ඔහුට මෙහි කියවෙන අදහස් ද යොදා ගත හැකි වනු ඇත. 

උපන්නා වූ අප සියලූ දෙනා, කෙමෙන් දිරාපත් වෙමින් සිට මියැදෙන්නෙමු. අප කිසිවෙකුත් අමරණීය නැත. වරෙක අපි නැගී සිටින්නෙමු. වරෙක අපි ඇද වැටෙන්නෙමු. මා පරාජය අත් විඳි පළමු අවස්ථාව ද මෙය නොවේ. සැබවින්ම මෙය මා බලාපොරොත්තු වූ අවසානයක් ද නොවේ. එසේම එය මට පිළිගත නොහැකි ප‍්‍රතිඵලයක් ද නොවේ. කෙසේ වුව මම පරාජයට පත් වුණෙමි. මා කළ වැඩකොටස තක්සේරු කර, ඒ අනුව රටත් ජනතාවත් ඉදිරියට ගෙනයාම සඳහා මට ඇති හැකියාව පිළිබඳ විශ්වාසය පළ කිරීමට රටේ ජනතාවට මම අවස්ථාව ලබා දුනිමි. ඔවුන් තීරණයක් ගෙන ඇත. එම නිසා ඔවුන්ගේ තීන්දුව මම නිහතමානීව පිළිගනිමි.  

මෛත‍්‍රීපාල සිරිසේන මහතා තරම් අපේ සදාදරණීය මව්බිමට නායකත්වය දීමට තරම් වඩා සුදුසු වෙනත් නායකයකු පිළිබඳව මට සිතා ගත නොහැකි බව මම මෙහිදී ප‍්‍රකාශ කළ යුතුමය. මා මෙන්ම, ඔහු ද ජනතාවගේ හදගැස්ම මැනවින් හඳුනන අයෙකි. ඔහු කෘතහස්ත දේශපාලනඥයෙකි.  ඔහු හොඳ මිනිසෙකි. මා විසින් ත‍්‍රස්තවාදී ඝෝර හස්තයෙන් මුදවා ගත් මව්බිම ඔහු යටතේ ද සුරක්ෂිතය යන සහතිකය සමගින් මට නික්ම යා හැක. ඔහුටත් ඔහුගේ කණ්ඩායමටත් මම සුභ පතමි.   

බලය සමග ලැබෙන බොහෝ දේ ඇත. ඒ සියල්ල මා අතැර යන්නෙමි. ගමේ හැදුනු මම නගරයට පැමිණියෙමි. නගරයේ ජීවත් වුනෙමි. ගම විසින් මා අත්හැර දමා නැත. එබැවින් යළි නිවස වෙත යාමට මට අපහසු නැත. ආදරය කළ මව්බිමටත් රටේ ජනතාවටත් කළ හැකි වැඩකොටස ඉටු කළා වූ, ඔවුන්ගේ ආදරය සහ විශ්වාසය නොමඳව අත්විඳි සහ මේ කිසිවක් සදාකල් නොපවතින බව පසක් කරගත් තෘප්තිමත් මිනිසෙකු ලෙස මම යළි නිවස බලා පියමණින්නෙමි.  

වැඩ කිරීමට කාලයක් ද විශ‍්‍රාම යාමට කාලයක් ද ඇත. ක‍්‍රියා කිරීමට කාලයක් ද ඒ පිළිබඳ ආපසු හැරී බැලීමට කාලයක් ද ඇත. මේ උදා වී ඇත්තේ එසේ ආමග දෙස ආපසු හැරී බැලීමේ කාලයයි. 


ඔබට සුභ පතමි.

[දමයන්ත මුණසිංහ විසින් පරිවර්තනය කරන ලද මෙය http://dmunasingha.blogspot.com වෙබ් අඩවියෙන් උපුටා ගතිමි]



මෙමමැතිවරණයටඅදාළවනවෙනත්කතා:


Viewing all articles
Browse latest Browse all 2513

Trending Articles