'අති ගරු', 'තුමනි'යනාදී විශේෂණ බැහැර කොට නිකම්ම නිකම් 'මහින්ද'ලෙස ආමන්ත්‍රණය කිරීම ගැන අමනාප නොවේ යැයි සිතමි. ඒ ඔබ බොහෝ කලකට පසු ව නැවත ඔබගේ (අපට) හුරු පුරුදු පුරවැසි භාවය ලබා ඇති බැවිනි. එනම් 1994 ට පෙරත්, 2001-2004 අතරත්, ධූර කාලයේ මුල් අවදියේ දී ත් අප හඳුනා ගෙන තිබුන 'මහින්ද'ගේ ඡායාවක් නැවතත් ඔබ සතු වී ඇති බැවිනි.
විශේෂයෙන්ම ජනතා තීන්දුවට අවනත වී සමස්ත ඡන්ද ප්‍රථිපල නිකුත් වීමටත් ප්‍රථම පරාජය භාර ගෙන නිල නිවාසයෙන් නික්ම යෑම අගය කරමි. කල යුතුව ඇති දේ කිරීම විශේෂ නොවුනත් එසේ නොකරාවි කියා අනුමාන කිරීම ට බොහෝ හේතු ඔබ විසින්ම සැපයු බව කිව යුතුය (18 වන ව්‍යවස්ථා සංශෝදනය මීට එක් නිදසුනක් පමණි). ඊට අමතරව ඔබට එරෙහි වූ බොහෝ බලවේග සහ දේශපාලන විචාරකයෝ ඔබ පිලිබඳ ගොතා ඇති කතන්දර බොහෝය. එලෙසම පරාජය වූවහොත් අනිවාර්යයෙන්ම රට අරාජික තත්වයකට පත් වන ආකාරයට තනතුර හැර දමා නොයනු ඇති බවට ඔවුන් අනාවැකි ඉදිරිපත් කලෝය. විශේෂයෙන්ම බල පෙරලිය අරාබි-වසන්ත ය ට හසුවූ රාජ්‍යයන් මෙන් ම ප්‍රචණ්ඩත්වය හා ලේ වැගිරීම් වලින් පමණක් සිදු කල හැකි බවට තර්ක කල එවැනි පිරිස් මවිත කිරීමට ඔබ සමත් විය. එය අගය කල යුතුවේ. ඒ නිසාම පහුගිය කාලයේ ඔබම නැති කරගත් ගෞරවයෙන් යමක් ඔබට නැවත දිනා ගත හැකි විය. අප හඳුනන මහින්ද ව නැවත අපට මොහොතකට හමු විය.
ඔබ සර්ව සම්පූර්ණ ජනාධිපති වරයෙක් නොවින. එලෙසම අසාර්ථකම ජනාධිපතිවරයාද නොවේ. අවශ්‍යම අවස්තාවලදී ඔබ ඍජු ව සිටියේය. ඔබගේ ධූර කාලය තුල අපට නැවතත් රටක් හිමි වූයේය. එම රට අපට අහිමි වූවාට වඩා සිදු වූයේ අහිමි කිරීම යැයි මට සිතේ -- පාලකයන් ගේ පටු දේශපාලන උවමනා සාක්ෂාත් කිරීමට ගත උත්සාහයන්ගේ ප්‍රතිපලය එය විය. නැවත හුස්ම ගැනීමට, බියෙන් තොරව ජීවත් වීමට අවශ්‍ය වටපිටාවක් ඔබ නිර්මාණය කළේය -- වෙනත් ආකාරයේ භීතිය ක් ඉන් පසුව උත්පාදනය කල බවද කිව යුතුමය.
ඒ කෙසේ වෙතත්, ත්‍රස්තවාදය මෙරටින් තුරන් වූයේ ඔබ ගේ ධූර කාලයේ බවත් ඒ සඳහා ඔබගේ දායකත්වය විශේෂ වූ බවත් පිලිගනිමි, අගය කරමි. ඔබව ප්‍රජාතන්ත්රවාදී ආකාරයෙන් පරාජය කිරීමට අවශ්‍ය වටපිටාවක් ඔබම සකසා දුන් බවද කිව යුතු ය. ඒ අර්ථයෙන් ඔබ ගේ විරුද්ධවාදීන් කියන සේ ඔබ බල තන්හාවෙන් මත් වූවෙක් යයි කීම අසාධාරණ වේ. ඒකාධිපති පාලකයෝ ගැන අප නොදන්නවා නොවේ. මේ විදිහට 'ගෙදර යන'එකාදිපතියෝ ගැන නම් අසා නැත.
තව බොහෝ දේ ඔබට කල යුතුව තිබුණි. නොකර සිටිය යුතු දේ ද බොහෝය. ඒ වා ගැන කතා කල යුතුය. මේ ඒ සඳහා මොහොත නොවේ. ඔබ ගේ හැකියාවේ දැනුමේ සීමාවන් තුල කල දේ හොඳට ම ඇති. ඒ සීමාවන් තුල පවා ඔබට ජනාදරය දිනාගත හැකි විය. ඔබට එරෙහිව ඡන්දය පාවිච්චි කල බොහෝ දෙනා අද (ඊයේට වඩා) ඔබ ව ආදරෙන් සිහි කරනු නොඅනුමානය. බොහෝ කරුණු හේතු කොට ගෙන ඔබ වීරයෙක් යැයි කිව හැක. දෙවියෙකු වත් මාර්ග ඵල ලද්දෙක් නොවේ ඔබ. එය අප දනිමු.
ඔබගේ හෙට දින කෙබඳු වේ දැයි අප නොදනිමු. එය ඔබ සතු දෙයකි. දැන් ඔබ විශ්‍රාමිකයි. දේශපාලනයේ ඉහලම ස්ථානයට පැමිණියා ට පසුව, ඒ ධූරයෙන් සමු ගත් පසු නැවත දේශපාලන අනාගතයක් ගැන සිතීම ට ඔබට අයිතියක් ඇත. මා සිතන විදිහට එවැනි අදහසක් ඇති නම් මෙම මොහොතේ අප නැවත හඳුනා ගත් මහින්ද නැවතත් අතුරුදහන් වනවා ඇත. මේ රටේ ඉතිහාසයේ ගෞරවනීය සඳහනක ට ඔබට උරුම කම් කිව හැක. දැනට. ඔබගේ ආදරණීය මැදමුලනේ සතුටින් සිටීමට කාලය පැමිණ ඇත. අපට මොනයම් හෝ ආකාරයක සුභ අනාගතයක් ගැන සිතීමට ඉඩක් නිර්මාණය කල ඔබටද සුභම සුභ හෙට දවසක් පතමි.