Quantcast
Channel: Malinda Words
Viewing all articles
Browse latest Browse all 2513

'මෛත්‍රිපාල සිරිසේනට සීමාරහිත උම්මත්තකයින්ගේ පැසසුම්!'

$
0
0

කැකිරිලන්තයේ දේශපාලන පුවත් සාරාංශය (2015.07.16) -- ප.ව. 8.35

අද දින (2015.07.16) දේශපාලන කරලියේ විවිධ කරුණු කාරණා පිලිබඳ කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට නියමිත සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ අදහස් පහත දැක්වේ. කැමති නම් බෙදාගන්න. බෙදාගත්තේ නැතත් සතුටින් ඉන්න. සියල්ල දත් විදග්ධයින්ගෙන් කැකිරිලන්තය නිදහස් වන දිනය ඇත ලඟයි.

"මම අර්ජුන මහේන්ද්‍රන් නම් ලැජ්ජාවටම ඉල්ලා අස්වෙනවා".  ජනපති සිරිසේන (අතිගරු) පහුගිය 14 දා කල ප්‍රකාශයක් සම්බන්ධව මෙසේ පැවසුවේ කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට සූදානම් වන සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂ නායක මාලින්ද සෙනෙවිරත්න ය.  ජනපති තුමා පැවසූවේ තමා අගමැති රනිල් වික්‍රමසිංහ (ගරු) ට, මහා බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් ව අස් කල යුතු යැයි උපදෙස් දුන් බවයි.  

'මහේන්ද්‍රන් ව අස්කරන්න'කියූ විට අස්නොකරන්නේ නම් එක්කෝ මෛත්‍රිපාල ට ජනපති කල යුතුව තිබුනේ රනිල් ව අස්  කිරීම යි....නැතහොත්  ජනවරමක් නැති කෙනෙක් ට ජනවරම පාවා දෙන්න සිදුවූ බැවින් තමා ගේ ආත්ම ගරුත්වය වෙනුවෙන් තමා ඉල්ලා අස් විමයි.' මෙසේ පැවසුවේ කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට සූදානම් වන සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂ නායක මාලින්ද සෙනෙවිරත්න ය.

'මෛත්‍රිපාල සිරිසේනට සීමාරහිත උම්මත්තකයින්ගේ පැසසුම්!' බන්දුම්කාර නිකුතුව හමුවේ අක්‍රමිකතා වල ට  මහා බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධ බව මහේන්ද්‍රන් අස් කිරීමට අගමැතිතුමාට  කිරීමෙන් ගම්‍ය වන බව පෙන්වාදෙන එම පක්ෂය 'සිරිසේන ජනපති තුමාට පිංසිද්ද වේවා!'යැයිද ප්‍රකාශ කරන ලදී.

"වම බලන්න: පැරණි වම (ජවිපෙ) එජාපය-ශ්‍රීලංනිපය දිහා හූල්ලමින් දේශපාලයේ යෙදෙයි, නව වම (පෙරටුගාමීන්) ප්‍රතිපත්තිමය කාරණා පදනම් ව කටයුතු කරයි."මෙසේ අදහස් දක්වන්නේ කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව සැදීමට නියමිත සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ ලාබාලම සාමාජික කිරිටෝපි බට්ටා ය.

'මෛත්‍රී අපේ'යැයි එජාපය සිතයි (මහින්දට බැනපු නිසා).  'නෑ මෛත්‍රී අපේ'යැයි මහින්ද පිල සිතයි (එම කතාවෙන් පක්ෂය මහින්ද ට දුන් නිසාත් මහේන්ද්‍රන් සහ රනිල් මුදල් වංචාකරුවන් බව නොකියා කී නිසාත්).  මේ පක්ෂ මෙසේ මෛත්‍රී ව බෙදාගන්නත් බදාගන්නත් කටයුතු කරන අතර සීමාරහිත උම්මත්තකයින් කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට සූදානම් වන බව පක්ෂයේ වැඩ බලන නායක කිරිටෝපි බට්ටා සඳහන් කරයි.

මුදල් ඇත්තෝ දමති, නැත්තෝ පාරවල් වල ලියති -- විෂම සමාජයක දේශපාලන ආර්ථිකයේ ප්‍රතිඵලයකි එය.  ජවිපෙ ට බනින අතර ඇත්තන් හුරතල් කරන නිර්මාල් දෙවසිරිගේ දේශපාලනය විහිළුසහගත යැයි සීමාරහිත උම්මත්තකයින් කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට සූදානම් වන බව පක්ෂයේ වැඩ බලන නායක කිරිටෝපි බට්ටා සඳහන් කරයි.


Viewing all articles
Browse latest Browse all 2513

Trending Articles