Quantcast
Channel: Malinda Words
Viewing all articles
Browse latest Browse all 2513

කැකිරිලන්තයයි කුකරිලන්තයයි පටලවාගන්න එපා!

$
0
0


2015. 07.18 සහ 2015.07.19  දිනයන් හි දේශපාලන කරලියේ විවිධ කරුණු කාරණා පිලිබඳ කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට නියමිත සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ අදහස් පහත දැක්වේ. කැමති නම් බෙදාගන්න. 

"දුමින්ද දිසානායක ට බොහෝ අය හිනා වෙනවා. මහින්ද දින්නොත් දුමින්ද ට කෙස් වෙයි කියනවා. ඒත් මීට අවුරුදු 30 කට විතර පෙර අද දුමින්ද ඉන්න තැන හිටියේ මහින්ද. ඒකත් මතක තියාගමු." මෙසේ පවසන්නේ කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව සෑදීමට සැරසෙන සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ ලාබාලම සාමාජික මෙන් වැඩ බලන නායක කිරිටෝපි බට්ටා ය.  

අකිල විරාජ් ට වැරදුනා තමයි. නැපෝලියන් 'වෝටලු'හිදී පරාජය වුනේ පලවෙනි ලෝක මහා යුද්දයේදී යැයි අකිල කිව්වා තමයි. හැමෝටම වැරදෙනවා තමයි. විමල් ට හෝ මහින්ද පිලේ කාට හෝ වැරදුනාම උඩ දමා හිනා වෙන අය අකිලට වැරදුනාම වැරදුනේ නැතුව වගේ හිටියා තමයි. ඔවා ඔහොම තමයි. ඒත් ලෝක ඉතිහාසය ගැන ශිෂ්‍යත්ව පන්තියේ ළමයෙක් පවා දන්න දේ වරද්දගන්න කෙනෙකුට නම් කැකිරිලන්තයේ මීලග අධ්‍යාපන ඇමති තනතුර නොලැබෙන බව එම ආණ්ඩුව පිහිටුවීමට නියමිත සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ වැඩ බලන නායක කිරිටෝපි බට්ටා ප්‍රකාශ කළේය.


නිවැරදි කිරීමක්: දනේෂ් විසුම්පෙරුම මූණු පොතේ දැමු කොමෙන්ටුවකින් කැකිරිලන්තයේ කොටුවසියෝ නොමග යා හැකි බැවින් පහත ප්‍රකාශය සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ තාවකාලික මාධ්‍ය ප්‍රකාශක අලගියමුලගියවන්න මීට ස්වල්ප මොහොතකට පෙර මාධ්‍යයට නිකුත් කළේය.
දනේෂ් මෙසේ සඳහන් කළේය: "කැකිරිලන්තයේ ජනගහනයෙන් 99%ක් පමණම උග්‍ර උභයාවේගිකත්වය (acute ambiguity) නම් සිවිශේෂ කැකිරිමය මානසික තත්ත්වයකින් පෙළන බව එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරි වරයාකියා තිබුනා වගේ මතකයි."
ශ්‍රීලංනිපයේ සහ එජාපයේ (සහ මැතක සිට ජවිපෙ) නායකයින් ඉහත සඳහන් උග්‍ර උභයාවේගිකත්වය (acute ambiguity) නම් සිවිශේෂ කැකිරිමය මානසික තත්ත්වයෙන් පෙළුනද එවැනි ආබාධයක් කැකිරිලන්තයේ අපට නොමැත. විශේෂයෙන්ම කිසදා ලෙඩ නොහැදෙන (ඉඳ හිට හෙම්බිරිස්සාවක්, උණක්, ඇඟ පත රිදීමකට අමතරව) බැවින් වෛද්‍ය සේවයක් වත් වෛද්‍යවරුන් වත් කැකිරිලන්තයේ නැති බව ද මතක් කල යුතු වේ. ඇතැම් විට දනේෂ් මේ කියන තත්ත්වය කුකරිලන්තයේ වැසියන්ට අදාළ එකක් විය හැක.

වංචා විමර්ශනයන්ට මහින්ද බාධා කරන වා යැයි අනුර කුමාර දිසානායක (ජවිපෙ) චෝදනා නැගීම පැසසුමට ලක් විය යුතු යැයි කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට සූදානම් වන සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ තාවකාලික මාධ්‍ය ප්‍රකාශක අලගියමුලගියවන්න ගේ අදහසයි. ඉන් ද මීන් ටයිම්, බැඳුම්කාර නිකුතු අක්‍රමිකතා වලට රනිල් ද මහේන්ද්‍රන් ද සම්බන්ධ බවට සැක උපදවන ප්‍රකාශයක් නිකුත් කල මෛතිපාල සිරිසේන ම ඊට අදාල විමර්ශනයට බාධා නොකොට එය අත්හිටුවීමට ම තීරණය කිරීම (පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන්) අනුරට ප්‍රශ්නයක් නොවීම විහිළුසහගත බවද ඔහු සඳහන් කළේය.

"මහින්දට පරව ගෙන් පරය වෙන් කලාට බඩ ඉගුරු බඩ ඉරිගු වෙන් කරගන්නත් බෑ" -- මනෝරම් වීරසිංහ. මහින්දගේ උච්චාරණයේ තව බොහෝ වැරදි ඇත. නමුත් වචන පැටලෙන්නෙත්, තැන නොතැන නොතේරෙන්නෙත් මහින්ද ට විතරක් නොවේ. රනිල් ට මෙන් මෛත්‍රීපාලට ද පැටලෙන තැන් බොහෝ ය. මෛත්‍රීට ශ්‍රීලංනිපය හා එජාපය පැටලෙනවා. රනිල් මහින්ද ට බනින විට මෛත්‍රී මහින්ද ගේ ආණ්ඩුවේ කොටස්කරුවෙක් බව අමතක වෙනවා. දෙන්නටම යහපාලනය අමතක වෙනවා දූෂිත මිතුරන් බේරා ගන්න අවශ්‍ය වෙන විට. මේ සියලු විහිළු කතා සහ විකටයින් අමතක නොකර හොඳට හිනාවෙන්න යැයි කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට සූදානම් වන සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ තාවකාලික මාධ්‍ය ප්‍රකාශක අලගියමුලගියවන්න කැකිරි එෆ් එම් නාලිකාවට මීට ස්වල්ප මොහොතක
 පෙර ප්‍රකාශ කළේය.


Viewing all articles
Browse latest Browse all 2513

Trending Articles