Quantcast
Channel: Malinda Words
Viewing all articles
Browse latest Browse all 2513

බුද්ධි අංශ වලට බුද්ධිය, දේශපාලකයින්ට සහන මල්ලක්

$
0
0
බුද්ධි අංශ වලට බුද්ධිය! 
ශ්‍රී ලංකාවේ පවත්වන විවිධ මැතිවරණ පිළිබඳ සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන, විශේෂයෙන්ම ප්‍රතිඵල පිලිබඳ අනාවැකි කියන බුද්ධි අංශවලට නොමිලේ බුද්ධිය සැපයීමට කකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවන සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂය තීරණය කර ඇත. 
මෙම තීරණය ප්‍රකාශයට පත් කරන්නේ එම පක්ෂයේ අද දින නායක මර්වින් සිල්වා ය. මෙසේ තීරණය කර ඇත්තේ බුකිය ද වෙනත් සමාජ මාධ්‍ය ද විහිළුසහගත අනාවැකි වලින් පිරෙන තත්ත්වයක් තුල බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම ඒ හේතුවෙන් ශ්‍රීලංකාවාසී ජනතාව හිනා කාලා මිය යෑමේ අනතුර ගැන සිතා, මහත් සේ කම්පා වන බැවින් මේ තීරණය ගත් බවද ඔහු කීවේය.

දේශපාලකයින්ට සහන මල්ලක්!
හදිස්සියේ ඇති වුන මහා කරුණාවක්, දයාවක්, අරකක් මේකක් හේතුවෙන් ජනතා සේවය සඳහාම දේශපාලනය නම් වූ ඇති දුෂ්කර, වේදනාකාරී, අවදානමින් පිරි, පිළිකුල්සහගත වෘත්තීය තෝරාගත් සාධු ජනතාවට ජනතා ප්‍රශංසාව පිරිනමනු වස් සහන මල්ලක් ප්‍රදානය කිරීමට සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂය තීරණය කර ඇත. කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට නියමිත එම පක්ෂයේ අද දින නායක මර්වින් සිල්වා වැඩි දුරටත් ඉල්ලා කර සිටින්නේ මේ සද්කාර්ය'සඳහා දායක වන්නන් අදාල සහන කොළඹ මහනගර ශාලා පරිශ්‍රයට ගෙනැවිත් නගරාධිපති වෙත බාර දෙන ලෙසයි. තමන් කැමති දෙයක් දන් දීමට නිදහස ඇති බව එතුමා අවධාරණය කල අතර පහත සඳහන් දෑ විශේෂ බවද මතක් කර සිටියේය:
කොට්ට උර
රෙදි වේලන්න ලණු
බයිසිකල් පොම්ප
ලිප් බාම්
රබර් සෙරෙප්පු
පැනඩෝල්
විටමින් සී
මල්ටි ප්ලග්
දත් බුරුසු
පාට පැන්සල්
තේ හැඳි
පබළු මාල
වැල් දොඩම්
තුවා 
බාල්දි 
මල් පෝච්චි (බිඳෙන සුළු )
පැදුරු 
පැනඩෝල් 
රට බීම 
බිත්ති ඔරලෝසු 
අල්පෙනෙති කොට්ට 
ස්ටෙප්ලර් කටු 
තේ කෝප්ප 
වතුර ජෝගු 
විදුලි පන්දම් 
යතුරු පුවරු 
අභ්‍යාස පොත්
පෑන් පැන්සල් 
පැන්සල් රඳවන 
ෆයිල් කවර 
සිද්ධාලේප 
පස්පංගුව 
සිල් රෙදි 
සරම් 
බැනියම් (ටී ෂර්ට් )
මැටි පහන් 
ඉටිපන්දම් 
පාන් පිටි 
පරණ පත්තර /සඟරා 

සීමාරහිත උම්මත්තකයින් ගේ වෙනත් දේශපාලන පණිවුඩ සඳහා:

ඉම්තියාස් එන්න, මල් පිපී දැයි බලන්න

අපගේ දේශපාලනය ආදරයේ අතිරික්තයකි

"උමතුවේ සම්මුතිය"ජනගත කෙරේ



Viewing all articles
Browse latest Browse all 2513

Trending Articles